දේශීය

20 වන සංශෝධනය ගැන ඡන්ද විමසීම අද

(UTV |කොළඹ) – 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) පස්රීවරුවේ  සිදුකිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වන විවාදය ඊයේ (21) පෙරවරුවේ ආරම්භ වූ අතර එය අද දිනයේත් පැවැත්වේ.

අද පෙරවරු 10.00 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙන අතර කාරක සභා අවස්ථාවෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම සිදුකෙරේ.

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා විපක්ෂය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පවසයි.

නමුත් ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේ දී විපක්ෂයේ පිරිසක් ද ආණ්ඩුවට සහය දැක්වීමට මේ වන විටත් කැමැත්ත පළකර ඇති බවද වාර්තා වේ.

Related posts

තෝරාගත් පාසල් රැසක් වසා දමනවා – අගමැති හරිනි අමරසූරිය

Editor O

සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment