දේශීය

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය අද පස්වරුවේ යථා තත්වයට

(UTV | කොළඹ) – නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රියවී ඇති දෙවන ජනන යන්ත්‍රය බොහෝ දුරට අද (22) සවස වනවිට යථා තත්වයට පත්කර සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට හැකියාව ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

එසේ වුවහොත් අද (23) දිනයේදී විදුලිය කප්පාදු කිරීමට අවශ්‍ය නොවනු ඇති බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා නිවුස් රේඩියෝ වෙත කියා සිටියේ.

යම් හෙයකින් අද දිනයෙදිීත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන්නේනම් ඒ පිළිබඳ පස්වරුවේ මහජනතාව වෙත දැනුම් දෙන බවද ඔහු සඳහන් කළා.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රයක දෝෂයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විනාඩි 45ක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවුණා.

Related posts

වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි

Mohamed Dilsad

අලුතින් ගෙනා ගල් අඟුරු සාම්පල විද්‍යාගාර පරීක්ෂණ දෙකකින් අසමත් | බාල ගල් අඟුරු නිසා පාඩුව රු. කෝටි 700ක් – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් IOC සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment