දේශීය

IOC ඉන්ධන මිලත් ඉහළට

(UTV | කොළඹ) – ඛණිජ තෙල් සංස්ථාව සිදුකළ මිල සංශෝධනයට අනුව ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට IOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 15කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල්177ක්.

ඔක්ටේන් 95 රුපියල් 210 දක්වා වැඩි කර ඇති අතර එම මිල වැඩි කර ඇත්තේ රුපියල් 23කින්.

ඩීසල් ලීටරයක් රුපියල් 07කින් වැඩි කර ඇති අතර ඒ අනුව IOC ඩීසල් ලීටරයක නව මිල රුපියල් 121ක්.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 159ක් වනු ඇති.

Related posts

ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ සැකකරුවන් පස්දෙනා පැය 72ක් රඳවා ගනී.

Editor O

ඉන්ධන ණය තේවලින් ගෙවයි.

Editor O

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

Mohamed Dilsad

Leave a Comment