දේශීය

IOC ඉන්ධන මිලත් ඉහළට

(UTV | කොළඹ) – ඛණිජ තෙල් සංස්ථාව සිදුකළ මිල සංශෝධනයට අනුව ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට IOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 15කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල්177ක්.

ඔක්ටේන් 95 රුපියල් 210 දක්වා වැඩි කර ඇති අතර එම මිල වැඩි කර ඇත්තේ රුපියල් 23කින්.

ඩීසල් ලීටරයක් රුපියල් 07කින් වැඩි කර ඇති අතර ඒ අනුව IOC ඩීසල් ලීටරයක නව මිල රුපියල් 121ක්.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 159ක් වනු ඇති.

Related posts

රජයෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක්

Mohamed Dilsad

නුගේගොඩ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොළඹ – යාපනය ඒකාබද්ධ කාල සටහනෙන් ලංගමයට දිනකට ලක්ෂ 50ක පාඩුවක්…?

Editor O

Leave a Comment