දේශීය

විසර්ජන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

(UTV | කොළඹ) – ලබන වසර සඳහා වන මුදල් වර්ෂය වෙනුවෙන් ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ අත්සන් තැබුවා.

මෙම පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් 07 වැනි දා පළමු වර කියවීම සිදු කෙරුණු අතර, නොවැම්බර් මස 12 වැනි දින එය දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

දින 07ක විවාදයකින් අනතුරු ව නොවැම්බර් 22 වැනි දා දෙවන වර කියවීමේ ඡන්ද විමසුම පැවති අතර, එහි දී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණේ, පක්ෂව ඡන්ද 153ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලබා ගනිමින්.

අනතුරු ව පැවති කාරක සභා අවස්ථාවේ දී එක් එක් අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීම සහ සම්මත කිරීම සිදු කෙරුණු අතර, ඊයේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත් වුණා.

ඊට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 64ක් ඊට හිමි වුණා.

ඒ අනුව වැඩි ඡන්ද 93කින් 2022 වසරේ අයවැය සම්මත වුණා.

Related posts

දෙමළ ජාතික සන්ධානයෙන් මානව හිමිකම් සමුළුවට යෝජනාවක්

Mohamed Dilsad

පදික මාරුව මත සිදුවු අනතුරින් ජීවිතයක් අහිමි වෙයි

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment