දේශීය

ආණ්ඩුවේ හවුල් පක්ෂ යුගදනවි පෙත්සම ගැන සාකච්ඡාවක

(UTV | කොළඹ) – අයවැය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් ඊයේ පැවැත්වුණා.

ඒ, පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිවසේදීයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී වෙනම නීතිඥවරයෙකු ඉදිරිපත් කිරීමේ තීරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එම සාකච්ඡාවට එක් වූ ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ, අදාළ පෙත්සම් විභාගයෙන් පසු යළි රැස් වී ඊට අදාළ සුදුසු පියවර ගැනීම පිළිබඳව තීරණය කරන බවයි.

මේ අතර, අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙට කැඳවා තිබූ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ලබන සතිය දක්වා කල් දැමීමට තීරණය කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.

Related posts

සමාජ බුද්ධි ඒකකය වැඩ අරඹයි

Mohamed Dilsad

හරිනි වහාම ඉවත් කරන්න | ඉහළ තැනකින් ජනාධිපති ට දැනුම්දීමක්

Editor O

මේ කුණු ගඳ ගහන හඬ පටෙන් ජනතාවගේ බඩකට පිරෙන්නේ නෑ – වසන්ත [VIDEO]

Mohamed Dilsad

Leave a Comment