දේශීය

මහියංගනයේ රිය අනතුරකින් අයෙක් මරුට

(UTV |  බදුල්ල) – මහියංගනය බිබිල ප්‍රධාන මාර්ගයේ මහියංගනය සමූපකාර සංගමය ඉදිරිපිටදී අද (13) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට කල්මණේ බලා ධාවනය වූ ලංගම බස්රථයක් සහ ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක් මුහුනට මුහුණ ගැටිමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ඉදිරිපස ගමන් කළ පුද්ගලයෙක් වන අතර වෑන් රථයේ රියදුරු ඇතුලු 5 දෙනෙකු සහ බස්රථයේ ගමන් කළ අයෙක් තුවාල ලබා මහියංගනය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

Related posts

‘යුවැන් වාන්ග් 5 පර්යේෂණ සිදුවෙන්නේ ජගත් නීතිරීති වලට අනුව’

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හොඳ කියයි

Mohamed Dilsad

දිවයින පුරා වැටලීමකින් 3,871 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment