දේශීය

මහියංගනයේ රිය අනතුරකින් අයෙක් මරුට

(UTV |  බදුල්ල) – මහියංගනය බිබිල ප්‍රධාන මාර්ගයේ මහියංගනය සමූපකාර සංගමය ඉදිරිපිටදී අද (13) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට කල්මණේ බලා ධාවනය වූ ලංගම බස්රථයක් සහ ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක් මුහුනට මුහුණ ගැටිමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ඉදිරිපස ගමන් කළ පුද්ගලයෙක් වන අතර වෑන් රථයේ රියදුරු ඇතුලු 5 දෙනෙකු සහ බස්රථයේ ගමන් කළ අයෙක් තුවාල ලබා මහියංගනය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

Related posts

මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක්

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පොලිස් මූලස්ථානයට දැනුම් දෙන්න විශේෂ දුරකථන අංක

Editor O

ගිනි බිසව් රාජ්‍යයේ ජනපති දිවයිනට

Mohamed Dilsad

Leave a Comment