ගොසිප්

රන්ජන් නැවත රෝහල් ගත කෙරේ

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දණහිසේ ආබාධයක් හේතුවෙන් ඊයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙයි.

රන්ජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට යොමු කිරීමෙන් පසු ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන් නොවැම්බර් 16 වැනිදා නැවත සායනයට ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කර ඇත.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට නොවැම්බර් 10 වැනිදා ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුළත් කළ රන්ජන් රාමනායක පසුව කරාපිටිය වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙලෙස කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

Related posts

ශලනිටත් කෝවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

‘කැරොලයින්’ කිරුළ අතහැරීම ගැන චන්දිමාල් කරුණු කියයි [VIDEO]

Mohamed Dilsad

වාහන වලටත් මිල සුත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment