දේශීය

හෙට පාර්ලිමේන්තු ගැලරිය විදෙස් අමුත්තන්ට පමණයි

(UTV | කොළඹ) – 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන හෙට සිට අයවැය විවාදය පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසීන්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.

අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් අයවැය කාරක සභා අවස්ථාවට සහභාගිවීමට අවසර ලබා දී තිබේ.

හෙට දිනයේදී ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරේ.

අයවැය කථාව සිදුකිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය පැවැත්වේ. එහෙත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

Related posts

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

Mohamed Dilsad

එජාප අර්බුද විසඳන්න අදත් සාකච්ඡා

Mohamed Dilsad

සෞඛ්‍ය නීති රීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment