ක්‍රීඩා

ඔස්ට්‍රේලියානු අභියෝගයට මහීෂ් තීක්ෂණ සූදානම්

(UTV | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලානයේ විසි දෙවැනි තරගය යටතේ අද ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව තරග බිමට පිවිසීමට නියමිතයි.

මෙම තරගය ඩුබායි ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හැකියාවන් අඩු තක්සේරුවක තබා පෙර තරගයට පිවිසුණු බංගලාදේශ කණ්ඩායම, මහීෂ් තීක්ෂණ ද නොමැතිව කඩුලු පහකින් පරාජයට පත් වුණා.

ඇලපත ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වුණු ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂණට බංගලාදේශ තරගය අහිමි වූ නමුදු, අද පැවැත්වෙන ඔස්ට්‍රේලියා තරගය සඳහා ඔහු පූර්ණ සුවයෙන් පසුවෙන බව, පුහුණුකරු මිකී ආතර් සඳහන් කර සිටියා.

Related posts

ශ්‍රී ලංකා සිහිනය බොඳවෙයි

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට

Mohamed Dilsad

Leave a Comment