ක්‍රීඩා

LPL වෙන්දේසියටත් පෙර ෆාෆ් ඩූ ප්ලෙසිස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

(UTV | කොළඹ) – චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජය හිමිකර දෙමින් ඊයේ නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත්වන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆාෆ් ඩූ ප්ලෙසිස් සමත් වුණා.

ඒ අවසන් තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 59කදී වේගවත් ලකුණු 86ක් රැස් කරමින්.

මේ අතර ලබන දෙසැම්බරයේ ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයෙකු ලෙස ෆාෆ් ඩූ ප්ලෙසිස් තෝරාගෙන ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ෆාෆ් ඩූ ප්ලෙසිස් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ තරගාවලිය තුළ ලකුණු 633ක් රැස් කරමින්.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ ක්‍රීඩක වෙන්දිසියට පෙර විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලිය වෙනුවෙන් එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් පස් දෙනෙකු මිලදී ගැනීමට ක්‍රීඩක වෙන්දේසියේ දී අවස්ථාව උදාකර දී තිබෙනවා.

මේ අතර ලබන දෙසැම්බරයේ ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාල සටහන පසුගියදා ප්‍රකාශයට පත් කරන්නට තරග සංවිධායකයි කටයුතු කරනු ලැබුවා.

Related posts

දෙවන එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාවට ජය

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වියයුතු වෙනස්කම් ගැන මන්ත්‍රී ඩිලාන් කියූ කතාව

Mohamed Dilsad

එංගලන්තය 20යි 20න් පසු බසී

Mohamed Dilsad

Leave a Comment