ක්‍රීඩා

දෙවන එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාවට ජය

(උදයම්,කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරඟයෙන් ලකුණු 121ක ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 307ක් ලබාගත්තේය.

මෙහිදී දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ ඩේවිඩ් මිලර් විසිනි. ඒ නොදැවී ලකුණු 117ක් ලබාගනිමිනි.ෆ්ලැෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 105ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 05ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක් ලබාගත්තේය.

තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස දකුණු අප්‍රිකාණු කණ්ඩායම මේ වනවිට ඉදිරියෙන් සිටියි.

[ot-video][/ot-video]

[ot-video][/ot-video]

Related posts

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

Mohamed Dilsad

බංග්ලාදේශයට අමිහිරි පරාජයක්

Mohamed Dilsad

අද තරඟයේ සුදානම නායක චන්දිමාල් කියයි

Mohamed Dilsad

Leave a Comment