විදෙස්

පැය 6ක් ලෝකයේ සබඳතා අඩපණ කළ FB බිඳ වැටීමට හේතුව මෙන්න

(UTV | කොළඹ) – ලොව පුරා බිඳ වැටීමට ලක්වුණු ෆේස්බුක් සමාගම ආයතනය සතු Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය පැය 6ක පමණ කාලයකට පසු යථා තත්ත්වයට පත් කර තිබේ.

එහි හිමිකරුවන මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් මේ බව සඳහන් කර ඇත.

එමෙන් ම, ෆේස්බුක් ඇතුළු සෙසු සමාගම් ද තම සමාජ මාධ්‍ය බිඳ වැටීම හේතුවෙන් ඇතිවූ අපහසුතාවන්ට සිය පරිශීලකයින්ගෙන් සමාව අයැ ද සිටින බව සඳහන් කර තිබේ.

ලොව පුරා බිලියන 3.5කට වැඩි ජනතාවක් සන්නිවේදනය සඳහා Facebook, Instagram, WhatsApp හා Messenger භාවිතා කරති.

මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9.00ට පමණ Facebook ඇතුළු ඔවුන් සතු සෙසු සමාජ මාධ්‍ය ලොව පුරා බිඳ වැටීමකට ලක් විය.

ඉන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් අපහසුතාවට පත් වුණු බව සඳහන් කර තිබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, සමාගමේ දත්ත මධ්‍යස්ථාන අතර දත්ත ගලා යාම බිඳ වැටීම හේතුවෙන් මෙය සිදුවී ඇතැයි ෆේස්බුක් සමාගම නිල බ්ලොග් සටහනක සඳහන් කර ඇති බවය.

ඊට හේතු වී ඇත්තේ, සමාගමේ දත්ත මධ්‍යස්ථාන සහ ජාල අතර දත්ත හුවමාරු කෙරෙන රවුටර්වල සැකැස්මේ සිදු කළ වෙනසක් බව ඔවුන් එමගින් පෙන්වා දී ඇත.

2019 වසරේ දී ද ෆේස්බුක් සමාජ මාධ්‍ය බිඳ වැටීමකට ලක්වුණු අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය පැය 24ක කාලයක් පමණ පැවති බවය.

ෆේස්බුක් සමාගමේ හිටපු නිෂ්පාදන කළමනාකාරිනියක වන ෆ්‍රැන්සිස් හෝගන් එම සමාගම පිළිබඳව සිදු කරන ලද අනාවරණ සමග මෙම බිඳ වැටීම සිදු වීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

සිංගප්පූරු රජය චීන – ඔස්ට්‍රේලියා දේශසීමා සීමාවන් ඉවත් කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා එන්නත් අර්බුදය හමුවේ කොවැක්ස් වැඩපිළිවෙලටද බාධා

Mohamed Dilsad

ඉන්දීය මහමැතිවරණයේ අවසන් අදියර අදයි

Mohamed Dilsad

Leave a Comment