දේශීය

බොබ් මාලි ගැන දන්න අයට තෑග්ගක්

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු වන කළුදුර චමින්ද තාබ්‍රේව් හෙවත් ‘බොබ් මාලි’ අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් පොලීසිය සදහන් කරන්නේ පසුගිය අගෝස්තු 31 වනදා බේරුවල මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් කිලෝ 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස බොබ් මාලි හදුනාගෙන ඇති බවයි.
සැකකරු පොලීසිය මග හරිමින් සිටින බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

බොබ් මාලි නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු දන්නේ නම් ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සහකාර අධ්‍යක්ෂ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය
071-8592727
011-2343333-4

සැකකරුගේ තොරතුරු සහ ඡායාරූප පහතින් වේ….

සැකකරුගේ නම – කළුදුර චමින්ද තාබ්‍රෙිව් නොහොත් බොබ් මාලි

ලිපිනයන් – අංක 128 /09, නිසංසල මාවත, තලාහේන, මාලඹේ.
අංක 522/1/2, සල්මල් මාවත, උඩුමුල්ල, බත්තරමුල්ල.

වයස අවුරුදු – 41යි

ජාතික හැදුනුම්පත් අංක – 198017101618 / 801711618 V

රැකියාව – බහුදින යාත්‍රා නියමු

Related posts

සම්බුදු තෙමගුල සමරමින්, වෙසක් දන්සල් 8,000ක් රට පුරා

Editor O

ආයුර්වේද පනත ට දුන් තීන්දුව කථානායකට

Mohamed Dilsad

රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment