දේශීය

බස්නාහිර සහ ගාල්ලේ 20-30 ත් අතර පිරිසට අද සිට එන්නත්

(UTV | කොළඹ) – මේ අතර කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද ආරම්භ කෙරෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නත, එම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කෙරෙන ස්ථානවලදී ම ලබාදෙනු ඇති.

මෙම වැඩසටහන යටතේ එන්නත් ලබාදීම සිදු කරන්නේ අදාළ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ට පමණ යි.

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට එන්නත් ලබාදෙන මධ්‍යස්ථානවලට අමතර ව විහාරමහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ දී මෙම පිරිස සඳහා එන්නත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

එසේම කොළඹ නගර සීමාවේ වාසය කරන අදාළ වයස් කාණ්ඩවල තරුණ තරුණියන්ට එන්නත් ලබාගැනීම සඳහා මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කර තිබෙනවා.

Related posts

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී විසින් බලහත්කාරයෙන් ළඟ තබාගෙන සිටි ජිප් රථය පොලීසියේ මැදිහත්වීමෙන් බිරිඳ ට ලබාදෙයි.

Editor O

පාසල් විවෘත කිරීමට දින නියම කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාධිතයන් වැඩිවෙලා

Mohamed Dilsad

Leave a Comment