දේශීය

මේක ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ආපු හතර වන රැල්ල

(UTV | කොළඹ) – ”මට හිතෙනවා මේක ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ආපු හතර වන රැල්ලක්,”යනුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ, මේ වන විට වැඩි වශයෙන් ඩෙල්ටා ප්‍රභේදයේ තවත් වෙනස් වූ ප්‍රභේදයක් තිබෙන බවත් එය වේගයෙන් පැතිරෙන බවත්ය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ පද්මා ගුණරත්න මහත්මිය මෙසේ ප්‍රකාශ කළේය.

“ඩෙල්ටා ප්‍රභේදය අපි අතරේ තියෙන්නේ. ඩෙල්ටා ප්‍රභේදයේ තවත් වෙනස් වූ ප්‍රභේදයක් තමයි දැනට වැඩි වශයෙන් තියෙන්නේ. මේක ඉතාමත් වේගයෙන් පැතිරිලා. රෝගීන් වැඩි ගාණක් ඇති වෙලා.

දැන් අපි යම් කිසි අවස්ථාවක රට අරින්න තියෙන නිසා රට ඇරීමට යම්කිසි සූදානමක් අවශ්‍ය බවත් අපි මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන. මට හිතෙනවා මේක ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ආපු හතරවන රැල්ල කියල.”

Related posts

සුදුලුණු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතාත් අත්අඩංගුවට

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ගැන සජිත්ගෙන් X සටහනක්

Editor O

ආමි සුරංග ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට චෝදනා

Mohamed Dilsad

Leave a Comment