ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

(UTV | ටෝකියෝ) – තියුණු සටනකින් පසු ඔලිම්පික් ඉතිහාසයේ 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජය තහවුරු කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය ඊයේ (08) සමත්විය.

අවසන් දිනය වූ ඊයේ (08) දිනය ආරම්භ වනවිටද, චීනය රන් පදක්කම් 38ක් ලබා ඉදිරියෙන් සිටි අතර ඇමරිකාව රන් පදක්කම් 36ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවිය.

අවසන් දිනයේදී පැවති තරග අතරින් කාන්තා පැසිපන්දු සහ කාන්තා වොලිබෝල් තරගයන්හි රන් පදක්කම් ජයග්‍රහණ ඇමරිකාව විසින් බලාපොරොත්තුවෙන් සිටි අතර, ඒ අනුව ඇමරිකාව සම රන් පදක්කම් ලබමින් සමස්ත පදක්කම් එකතුවෙන් ජයග්‍රහණය තහවුරු කර ගනු ඇතැයි විචාරකයන් මත පළ කළේය.

Related posts

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ආසියානු කුසලානයේ තරග කාලසටහන මෙන්න

Mohamed Dilsad

දසුන් ශානක දෙවැනි ගමන ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment