ක්‍රීඩා

රිෂාබ් පාන්ට්ට ඩෙල්ටා

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ කඩුලූ රකින ක‍්‍රීඩක රිෂාබ් පාන්ට් හට කොවිඞ් 19 වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.

23 හැවිරිදි රිෂාබ් පාන්ට් කොවිඞ් ආසාදිතයකු බවට ඊයේ 15 වැනිදා හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් ඔහු ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ අනෙක් ක‍්‍රීඩකයන් සමඟ මුහුවීමක් සිදු වී නැති අතර අනෙක් කිසිදු ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩකයකු කොවිඞ් රෝගීන් බව හඳුනාගෙන නැත.

ඒ අනුව රිෂාඞ් පාන්ට් ඉන්දීය කණ්ඩායම සමඟ ඩර්හැම් වෙත ගමන් නොකරනු ඇති අතර දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන මස 04 වැනිදා පැවැත්වෙන අතර ඉන්දියාව සහභාගිවන පුහුණු තරගය ලබන 20 වැනිදා පැවැත්වේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කරයි

Mohamed Dilsad

සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් රිය අනතුරකට ලක්වේ

Mohamed Dilsad

මෙරට සියලුම ක්‍රිකට් තරගාවලි නැවත දැනුම් දෙන තුරු කල් දමයි.

Mohamed Dilsad

Leave a Comment