දේශීය

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) – තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම බෙයිජිං නුවර සිට ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා.

අදාළ එන්නත් මාත්‍රා තොගය අද (02) අලුයම 4.30ට චීනයේ බෙයිජිං සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

එම එන්නත් කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරි රථ මඟින් ප්‍රවාහනය කර තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ලබන සඳුදා දිනයේ දී මෙරටට ලැබීමට නියමිත බවය.

Related posts

කෙහෙළිය රෝහල් ගත වෙයි

Mohamed Dilsad

මිල්ටන් සුළි කුණාටුවෙන් ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රදේශයට දැඩි හානි.

Editor O

විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර

Mohamed Dilsad

Leave a Comment