දේශීය

රුපියල් මිලියන 71 කට ආසන්න කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරල ගංජා කිලෝ 237 යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් තිදෙනෙකු අද (14) දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
අද අළුයම පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්‍ෂාවට ලක් කර, එහි ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා සහිත ගෝනි 02 ක් සොයා ගෙන ඇත

එහිදී එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රා‍ව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

පසුව සැකකරුවන්ගෙන් අණාවරණය කරගත් තොරතුරු මත නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී සැකකරුවන් විසින් මුහුදට දමා තිබූ තවත් කේරළ ගංජා සහිත ගෝනි 06ක් සොයා ගැනීමට හැකි විය.

ඒ අනුව, මෙම සමස්ථ මෙහෙයුම මඟින් ගෝනි 08 අසුරා තිබූ තෙත බර සහිත කේරළ ගංජා කිලෝ 237යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ඩිංගි යාත්‍රාව වෙත ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සාහකරන්නට ඇතැයි සැක කෙරේ.

තවද, මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 71 කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනා (03) වයස අවුරුදු 28ත් 29ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කර ගැනීමට හැකි විය.

මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇති අතර, නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටී.

Related posts

තවත් ආසාදිතයන් 7 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

පොහොසත් රටේ : පොල් බෑය රු. 120යි.

Editor O

‘ආරක්ෂාව සඳහා හිටපු අගමැතිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා’

Mohamed Dilsad

Leave a Comment