දේශීය

කොරෝනා මැඩලීමට ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ආධාරයක්

(UTV | ඇමෙරිකාව) – කොරෝනා වසංගතයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව වෙත තවත් ආධාර තොගයක් පරිත්‍යාග කර ඇත.   

ඊට පල්ස් ඔක්සිලේටර් 1200 ක්, අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ අයිතම 880,000 ක් ඊට අයත් වන බව ද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

අදාළ වෛද්‍ය ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක්.

මීට පෙර ද එක්සත් ජනපද රජය කොරෝනා වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 11. 03ක ආධාර ලබාදුන් අතර, අසාධ්‍ය රෝගීන් සඳහා පරිත්‍යාග කළ වෙන්ටිලේටර් 200 ක් ද ඊට ඇතුළත්.

Related posts

රටේ තත්වය සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

‘අපේ ජන බල පක්ෂයේ’ කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

Leave a Comment