දේශීය

අයහපත් කාලගුණයෙන් සිදුවන මරණ සහ අතුරුදන්වීම් ඉහළට

(UTV | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පවුල් 41,717 කට අයත් පුද්ගලයින් 170,022 ක් මේ වනවිට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.   

ආපදා හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 4 ක් වාර්තා වෙන අතර තවත් 7 දෙනෙකු අතුරුදන් වී තිබේ.

පවතින ආපදා තත්ත්වය පිළිබඳව බලධාරීන් සිදුකරන දැනුම්දීම පිළිබදව ජනතාව නිරන්තර අවධානය යොමු කළ යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇත.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් 186 දක්වා ඉහළට

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

විදේශිකයන්ට පොලීසියෙන් සහය

Mohamed Dilsad

Leave a Comment