දේශීය

රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවයි

(UTV | යාපනය) – යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.   

පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත එම තීරණය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය වෙනත් ස්ථානයක පැවැත්වීමට ඉදිරියේදී සැලසුම් කරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

නීතිවිරෝධී කටවුට් ඉවත් කිරීමට පොලීසිය වෙත රුපියල් ලක්ෂ 758ක්

Mohamed Dilsad

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාරගත කරයි

Editor O

Leave a Comment