දේශීය

ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවීමට ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනු ලබන්නේ සියයට 27ක් වූ ⁣ගිණුම් ප්‍රමාණයක් (ගිණුම් ලක්ෂ 20ක් පමණ) අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බවයි.

එවැනි ගිණුම් නියාමනය සහ පාලනය කිරීමට රාජ්‍ය ව්‍යුහයේ පවතින ආයතන ඔස්සේ අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පවතින නීති මත වැඩපිළිවෙළක් සැකසීමට අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතා සහ තමා එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඊට අනුමැතිය ලැබුණු විට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ඇමැතිවරයා වැඩිදුරටත් පවසනු ලබයි.

එවැනි හිමිකරුවන් නොමැති ගිණුම් ඔස්සේ ත්‍රස්තවාදයට, අන්තවාදයට, ජාතිවාදයට අනුබල දෙන ක්‍රියා, තරුණ පරපුර නොමඟ යවන විෂමාචාර සහ හොරකම්, මැරකම් වැනි සමාජ විරෝධි ක්‍රියාවන්ට ආධාර අනුබල දීම් වන බවට ආරක්ෂක අංශවල නිරීක්ෂණයන්ට ලක්ව ඇති බැවින් රටේ ජාතික ආරක්ෂාවට සහ යහපත් සමාජ පැවැත්ම උදෙසා මෙවැනි පියවරක් ගැනීමට තීරණය කරයි.

 

Related posts

ඊශ්‍රායලයේ අෂ්දොද් බලාගාරය පිහිටි ප්‍රදේශයට, ඉරානයෙන් දැවැන්ත ප‍්‍රහාරයක්..: ජෙරුසලමේ විශාල පිපිරීම්…!

Editor O

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

Mohamed Dilsad

ජනපති – පැට්‍රිෂියා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment