දේශීය

පිළියන්දල සිද්ධිය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට අද විශේෂ කණ්ඩායමක් යයි

(UTV | කොළඹ) – සෞඛ්‍ය අංශ විසින් හුදෙකලා කර කිරීඹට නියෝග කර තිබූ පිළියන්දල පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වය ඉවත් කිරීමට දේශපාලනඥයෙකු කටයුතු කර ඇතැයි කියන සිද්ධිය පිළිබඳ කරුනු සොයා බලා වාර්තා කිරීමට අද දිනයේදී විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශ වෙත පිටත්කර යවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.    

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරයෙකු පිළියන්දල සහ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළාධාරි කාර්යාල වෙත පිටත්කර හරින බවද අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.

පසුගිය 02 වැනිදා පෙරවරුවේ හුදෙකලා කෙරුණු පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 42ක් පසුදා උදෑසන වන විට යළි හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීම ගැන මේ වන විට පවතින්නේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක්.

ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණේ කැස්බෑව ආසනය නියෝජනය කරන අමාත්‍ය ගාමිණී ලොකුගේටයි.

 

Related posts

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි

Editor O

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සැකකරුවන් 197ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment