දේශීය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සැකකරුවන් 197ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සැකකරුවන් 197ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය මගින් 78ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියාසිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් 40 දෙනෙකු සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග මත විමර්ශණ සිදු කරන බවයි.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම ප්‍රහාරයට අදාළ විමර්ශණ කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලියාට ඡන්දය දෙන්න – හිටපු ඇමැති ජීවන් තොණ්ඩ­මන්

Editor O

LRT – ජපන් සැහැල්ලු දුම්රිය යළි කොළඹට

Mohamed Dilsad

පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ඉල්ලා අස්වෙයි: ඇමති බලපෑම් කරලා..?

Editor O

Leave a Comment