දේශීය

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

(UTV | කොළඹ) – එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.   

ඒ අනුව, හෙට (13) සහ අනිද්දා (14) දින දෙකේ පමණක් එම දුම්රිය ගමන්වාර අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේවෙතත් අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවට අද දිනයේත් කිසිදු බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසා සිටී.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ අමතර ලංගම බස් රථ 3000 ක් අවුරුදු සමය වෙනුවෙන් යොදවා ඇති අතර පෞද්ගලික බස් රථ සේවාද අමතරව යොදවා ඇති බවයි.

 

Related posts

රාජ්‍ය ආයතනවල නීති-රීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි

Editor O

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 700 ඉක්මවයි

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වෙලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment