දේශීය

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන දිනය මෙන්න

(UTV| කොළඹ) – කොරෝනා මර්දන එන්නත ලබාගත් පුද්ගලයන්ට එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් 19 වනදා සිට ආරම්භ කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.   

ඔහු පැවසුවේ, එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන්ගේ අනුපිළිවෙළ අනුව දෙවන මාත්‍රාව ලබා දීමද සිදු කරන බවය.

ඒ අනුව, දෙවන මාත්‍රාව ලබා දීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ප්‍රථමයෙන් එන්නත ලබා දෙනු ඇත.

දෙවන මාත්‍රාව ලබා දීම සඳහා දැනට ඉතිරිව තිබෙන Oxford-AstraZeneca Covishield එන්නත් තොගය ප්‍රමාණවත් බව ද සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

අද සිට ගුවන්තොටුපොළ විවෘත වෙයි

Mohamed Dilsad

පක්ෂ නායකත්වය දැනගැනීමට තව ටික වෙලාවක් ඉවසන්න [VIDEO]

Mohamed Dilsad

මෙරටින් 21 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment