දේශීය

බස්නාහිර දරුවන් අද සිට යළි පාසැල් වෙත

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (29) සිට ආරම්භ වෙයි.   

එමෙන්ම පෙර පාසල්ද අද සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.

බස්නාහිර පළාතේ පාසල්වල 05 / 11 සහ 13 යන ශ්‍රේණි පමණක් අධ්‍යයන කටයුතු සඳහා ඉකුත් 15 වැනිදා සිට ආරම්භ කෙරුණා.

අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබුණේ ලබන අප්‍රේල් මස 19 වැනිදායි.

මේ අතර කොළඹ අගරදගුරු පදවියේ සියලූම කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල සියලූ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද දිනයේ ආරම්භ නොවනු ඇත.

අප්‍රේල් මස 05 වනදා එම පාසැල් ආරම්භ කරන බව කතෝලික පෞද්ගලික පාසල් ප්‍රධාන කළමනාකාර ගැමුණු ඩයස් පියතුමන් සඳහන් කළේය.

පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ලෙස පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

 

 

 

Related posts

රු.2,000 දීමනාව සඳහා සුදුසුකම් ලැබූවන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

ජනතාවගේ දුෂ්කරතා අවම කිරීමට රජයෙන් දීමනා

Mohamed Dilsad

සංශෝධිත VAT පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

Mohamed Dilsad

Leave a Comment