දේශීය

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කොරෝනා පොකුර ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්

(UTV | කොළඹ) – සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින්ට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ, විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ය.

බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් කමිටුව ක්‍රියාත්මකයි.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා, බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා සේනාරත්න, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනී රෝෂිණී රුසිරිවර්ධන යන මහත්ම මහත්මීන් ය.

Related posts

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

බේරේ වැව පිරිසිදු කිරීමට චීන සහය ලබා ගැනීමට සාකච්ඡාවක්

Editor O

මැයි 1 සහ 3 විදුලි කප්පාදුවට සිදුවන දේ

Mohamed Dilsad

Leave a Comment