දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව, කොළඹ 01, 03, 09, 14 සහ කඩුවෙල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

එම කාලය තුළ කොළඹ 02, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ ය.

නල මාර්ගයක අලුත්වැඩියාවකින් ඊට හේතු වී ඇත.

Related posts

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

Mohamed Dilsad

අංගොඩ ලොක්කාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

රට හදන්න පන්සලේ දායක සභාවේ බලයත් ඕන යැයි මාලිමාව ළඟදිම කියාවි – තිස්ස අත්තනායක

Editor O

Leave a Comment