විදෙස්

යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි අරඹයි

(UTV | යුරෝපය) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම යළි ආරම්භ කිරීමට යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් තීරණය කර ඇත.   

ඒ අනුය ජර්මනිය , ප්‍රංශය , ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රටවල් ඊට අයත්.

යුරෝපා සංගමයේ ඖෂධ නියාමනය විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා – සෙනෙකා කොරෝනා වෛරස් එන්නත ආරක්ෂිත සහ ක්‍රියාකාරී එන්නතක් බවට සහතික කර ඇත.

ඒ, එන්නත ලබාදුන් පුද්ගලයන්ට ලේ කැටිති ඇතිවන බවට පළවූ වාර්තාවලින් පසු සිදුකළ ඇගයීමකින් අනතුරුවයි.

මේ හේතුවෙන් යුරෝපා සංගමයේ රටවල් 13 ක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවනු ලැබීය.

කෙසේ නමුත් යුරෝපා සංගමයේ ඖෂධ නියාමනය සිදුකළ නව ඇගයීමේදී අනාවරණ වී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් එන්නත ලබාදීමෙන් එලෙස අනතුරුදායක ලේ කැටිති ඇතිවන්නේ යැයි සාක්ෂි නොමැති බවයි.

 

 

Related posts

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලක සාමාජිකයින් සිව් දෙනෙකුට සිර දඬුවම්

Editor O

ඉන්දියාවෙන් හමුවූ කොරෝනා නව ප්‍රභේද සීඝ්‍රයෙන් පැතිරෙන බව හෙළිවෙයි

Mohamed Dilsad

ඉලොන් මස්ක් චීනයට

Mohamed Dilsad

Leave a Comment