ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ඉන්දියාවේ වෙළෙඳපොළ සැකසේ

(UTV | කොළඹ) – ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යටතේ කෘෂි නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සුවිශේෂී තීරුබදු සහන සැලකිල්ලට ගෙන, භාවිතයට නොගත් අපනයන අවස්ථා උපයෝගී කරගෙන අලිගැට පේර සහ පැෂන් ෆෘට්වලට අමතරව අඹ (ඉන්දියාවේ අවාර කාලය තුළ දී), රඹුටන්, කටු අනෝදා යනාදී නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරිමට ශ්‍රී ලංකා සමාගම්වලට අවස්ථාව ලැබී තිබේ.

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලය (CCC)එක්ව 2021 පෙබරවාරි 11 වැනි දින පැවති ව්‍යාපාර අතර අන්තර්ජාලය හරහා පැවති රැස්වීමක් අතරතුරදී මෙම සාකච්ඡාවන් සිදුකර ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන ඉන්දියානු වෙළඳපොළට ප්‍රවර්ධනය කිරීම හා විවිධාංගීකරණය කිරීම සඳහා 2020 සැප්තැම්බර් මාසයේ දී කොන්සල් ජනරාල් කාර්යාලය විසින් දියත් කරන ලද වැඩසටහන ඉදිරියට ගෙන යාමක් ලෙස මෙම රැස්වීම පැවැත්විණ.

 

Related posts

ලුණු කර්මාන්තකරුවන් විශාල ගැටලුවක

Mohamed Dilsad

ලබන 13 වනදා මීළඟ බැඳුම්කර නිකුතුව නිකුත් වේ

Mohamed Dilsad

එළවළු කිහිපයකම මිල පහළට

Mohamed Dilsad

Leave a Comment