දේශීය

එක්සත් රාජධානියට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

(UTV | කොළඹ) – කොරෝනා වෛරස නව ප්‍රභේදය හේතුවෙන් එංගලන්තයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා පනවා තිබූ තාවකාලික තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

රජය මෙම පියවර ගෙන ඇත්තේ, දකුණු අප්‍රිකාවෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති තත්ත්වයක් තුළය.

ගුවන් සමාගම් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊට අදාළ උපදෙස් ලබා දෙන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරන ලද දින 14 ක නිරෝධායන හා PCR පරීක්ෂණවලට යටත්ව එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණීම සඳහා ඇති සීමා ලිහිල් කිරීමට තීරණය කළ බවය.

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කොරෝනා නිසා පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

ඇතෙකුගේ සහ අලි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි.

Editor O

Leave a Comment