දේශීය

සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමේ සැලැස්මක්

(UTV | කොළඹ) –  මෙම වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් සංචාරක කර්මාන්තය තුළින් ඉපයීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක්‍රියාත්මක කරන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධීපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

අරලියගහ මන්දිරයේ පසුගියදා පැවති සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ජාතික ආර්ථිකය ගොඩනැංවීම සඳහා අපනයන ක්ෂේත්‍රයෙන් උපයන මුදල් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ඒ මහතා සඳහන් කර සිටියේ ජාතික ආර්ථීකය ගොඩනැගීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ සහය අත්‍යාවශ්‍ය බවයි.

සංචාරය සඳහා ආරක්ෂිත සහ සුදුසු රටවල් අතර විදේශ සංචාරකයින්ගේ පළමු තොරාගැනීම් රටවල් දහය තුළ ශ්‍රී ලංකාව සිටින අතර සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සඳහා නව සැළසුම් දියත් කරන ලෙසද ඒ මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදුන්නේය.

එමෙන්ම සංචාරක කර්මාන්තය හා බැඳුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය වීම සම්බන්දයෙන්ද මෙම සාකච්ඡාවේදි අවධානය යොමු කෙරිණි.

 

 

 

Related posts

පොදුජන පෙරමුණේ ලාංඡනය ගැන දයාසිරි කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා යළි ආරම්භ කිරීමේ තීරණයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය අස්සේ බස්නාහිරින් ගොස් සමාජ ඔස්සේ සටහන් තැබූ අයට වැඩ වරදී

Mohamed Dilsad

Leave a Comment