දේශීය

සෞඛ්‍ය අමාත්‍යවරියව IDH රෝහලට මාරු කරයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට මාරු කිරීමට කටයුතු කර ඇත.

හික්කඩුව ප්‍රදේශයේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි අමාත්‍යවරිය රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් මෙලෙස එම රෝහල වෙත ඊයේ (28) පස්වරුවේ මාරු කර යවා ඇත.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

 

Related posts

මුසම්මිල් ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි. – ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහය දෙන බව කියයි.

Editor O

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ගොනු කළ පෙත්සම් සලකා බැලීමට අධිකරණය තීරණය කරයි.

Editor O

“සහරාන්ගෙ දෙදෙනකු ආණ්ඩුව නිදහස් කරලා”

Mohamed Dilsad

Leave a Comment