දේශීය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීම අපේක්ෂාවයි – ජනපති

(UTV | කොළඹ) – නව සාමාන්‍යකරණය යටතේ ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා පූර්ණ සමාජයක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මීගමුවේ පිහිටි, 16 වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි පාඨමාලා ලියාපදිංචියේ සමාරම්භක නිල උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය විශිෂ්ට ප්‍රමිතියකට නැංවීමට ඉහළ ප්‍රමුඛත්වයක් දීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ සඳහා සියලුම විශ්ව විද්‍යාල සුහුරු විශ්ව විද්‍යාල බවට පරිවර්තනය කරමින් තාක්ෂණික දැනුමෙන් පිරි අනාගත පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාවද ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වාදී තිබේ.

 

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සමීක්ෂණයක් අරඹයි

Mohamed Dilsad

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයිනුත්

Mohamed Dilsad

කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීමේ ඡන්දයෙන් මාලිමාව පරාදයි

Editor O

Leave a Comment