විදෙස්

ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත කොවිඩ් මර්දනයට හදිසි භාවිතයට නිර්දේශ කෙරේ

(UTV |ඇමෙරිකාව) – පළමුවරට ‘ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත’ කොවිඩ් මර්දන එන්නතක් හදිසි භාවිතය සඳහා ලැයිස්තුගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගනී.

විදෙස් වාර්තා පැවසුවේ ජර්මානු, ඇමෙරිකානු ඒකාබද්ධ නිෂ්පාදනයක් වූ ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත හදිසි භාවිතයට ලැයිස්තුගත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇති බවයි.

සංවර්ධිත රටවලට එන්නත සදහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණයි.

එක්සත් රාජධානිය, ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුලු ලොව පුරා රටවල් රැසක් දැනටමත් කටයුතු කර තිබේ.

මේ අතර සිය රට තුළම නිෂ්පාදිත නව එන්නතක් ජනතාව වෙත ලබාදීමට චීනය කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

නිදහස් දිනය වෙනුවෙන් සතියක් ජාතික ධජය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

කාශ්මීරයේ හිමකඳු නාය යෑමෙන් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment