දේශීය

කොවිඩ් මෘත දේහ ගැන කමිටු වාර්තාව අද භාර දෙයි

(UTV |කොළඹ) – කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතය.

එම වාර්තාව මේ වන විට සකස්කර අවසන් බවට කමිටුව විසින් දැනුම් දී තිබේ.

මේ අනුව අදාළ වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහය ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කළේය.

එම කමිටුව මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ ප්‍රධානත්වයෙන්  පත් කර ඇත.

Related posts

ජනපතිගේ අත්සන ව්‍යාජව භාවිත කිරීමට අදාළව අගමැති කාර්යාලයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ නව ජනපතිට අග්‍රාමාත්‍යවරයා සුබ පතයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු අපේක්ෂකයින් 6,376ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ.

Editor O

Leave a Comment