Trending News

ජනාධිපති මෛත්‍රීපාලගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයට සුබපැතුම්

(උදයම්,කොළඹ)   – ශ්‍රී ලංකාව ඇතුළු සාර්ක් සංවිධානයේ සාමාජික රටවල් සියල්ලටම පොදු සන්නිවේදනය සඳහා යොදා ගත හැකි චන්ද්‍රිකාවක් ඉන්දියාව විසින් ඊයේ (05) පස්වරුවේ ගුවන්ගත කරනු ලැබූ අතර ඒ වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය සුබපැතුම් පිිරිනැමීය.

අද පස්වරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමතූ ජනාධිපතිතුමා සිය සුබපැතුම් පිරිනමමින් ප්‍රකාශ කළේ සාර්ක් රටවල් අතර සහයෝගීතාවය හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අභිවෘද්ධිය හා ප්‍රගමණය උදාකර ගැනීම සඳහා මෙම චන්ද්‍රිකාව දියත් කිරීම ඓතිහාසික සන්ධිස්ථානයක් වනුඇති බවයි.

සාර්ක් කලාපීය රටවල් අතර සම්බන්ධතාවය ශක්තීමත් කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කැපවීම ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

”දකුණු ආසියානු සන්නිවේදන චන්ද්‍රිකාව” ලෙස හඳුන්වා ඇති මෙම චන්ද්‍රිකාව ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රොකට් අංගනයෙන් අද පස්වරු 4.57 ට පමණ ගුවන්ගත කෙරුණු අතර ඉන්දීය රුපියල් කෝටි 450 ක වියදමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ”සංවර්ධනය සියල්ලන්ටම” යන සංකල්පය යටතේය.

Related posts

ஜனாதிபதியின் அதிரடி கருத்து

Mohamed Dilsad

IMF expects Sri Lanka’s economy to normalise, but vulnerable due to high debt

Mohamed Dilsad

Chemical container exploded in Colombo Port

Mohamed Dilsad

Leave a Comment