විදෙස්

කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් නයිජීරියාවෙන්

(UTV | නයිජීරියාව) – කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් නයිජීරියාවෙන් ද හමුවී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

මේ අනුව මහා බ්‍රිතාන්‍යය සහ දකුණු අප්‍රිකාවට අමතරව නව ප්‍රභේදයක් වාර්තා වූ 03 වන රට වන්නේ නයිජීරියාවයි.

පසුගිය අගෝස්තු 03 සහ ඔක්තෝබර් 09 යන දිනවලදී රැස්කල සාම්පල අතර මෙම නව ප්‍රභේදය සහිත කොරෝනා වෛරස් ආසාදිතයන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

අප්‍රිකා මහද්වීපයේ වැඩිම ජනගහණය සහිත රට වන්නේ නයිජීරියාවයි. එහි දැනට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 80,000 කට අධිකයි.

මේ වන විට ලතින් අමෙරිකාව තුළ ද කොවිඩ් එන්නත්කරණය ආරම්භ කර ඇත.

මෙක්සිකෝවේ හෙදියකට පළමු එන්නත ලබාදී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

 

 

Related posts

බ්‍රසීල ජනපති රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

රුසියාවේ රාජකාරියේ නිරත සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්

Mohamed Dilsad

බස් අනතුරකින් 17 මරුට

Mohamed Dilsad

Leave a Comment