දේශීය

බුරවී දිවයිනෙන් ඉවතට

(UTV |කොළඹ) – බුරවී සුළි කුණාටුව මේ වනවිට මන්නාරම සහ පුනරින් අතර වෙරළට ආසන්නයේ ස්ථානගත වී ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළි කුණාටුව සමඟ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 90 ත් දක්වා ඉහළ යා හැක.එමෙන්ම, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි සහ ඇතැම් ස්ථානවලට 100 ත් 150 ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතියේ බලපෑම හෙට සහ අනිද්දා දෙදින තුළ පවතින අතර, මේ හේතුවෙන් තවදුරටත් දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු විය හැක.

මේ අතර බුරවි සුළි කුණාටුව හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්ව තවත් 04 දෙනෙකු තුවාල ලබා තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස අතුරුදන්ව ඇත.තුවාල ලබා ඇති 04 දෙනා පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මීට අමතරව  ඉන් පීඩාවට පත් සංඛ්‍යාව 12252ක් වන අතර නිවාස 15ක් සම්පුර්ණයෙන් හානියට පත්ව තිබේ.

නිවාස 192ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇත.

 

Related posts

ඇඳිරි නීතිය පිළිබඳව නිකුත් කළ නවතම නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

ජනපති නියමයෙන් සිංහරාජයේ මාර්ග ඉඳිකිරීම නවතී[PHOTOS]

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment