දේශීය

කොවිඩ් සඳහා නිෂ්පාදිත දේශීය ඖෂධය ලබාදීමට මහාචාර්ය කමිටුවක්

(UTV | කොළඹ) – කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීයව නිෂ්පාදනය කළ ඖෂධයට කොව්ඩ් ආසාදිතයින්ට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වෛද්‍ය ‍ක්ෂේත්‍රෙය් මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (02) දිනයේ එම දේශීයව නිශ්පාදනය කළ ඖෂධය පිළිබඳවෙ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වූ බව පසුගිය දිනක අනාවරණය විය.

ඉන් අනතුරුව මෙම දේශීය ඔෂෟධය පිළිබඳව ඉදිරි පර්යේෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදුකරන ලෙස ජනාධිපතිවරයා ඊයේ (01) කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී උපදෙස් ලබාදුන්නේය.

 

Related posts

මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළට

Mohamed Dilsad

ග්‍රාම නිලධාරී තරග විභාග දෙසැම්බර් මුල

Mohamed Dilsad

සම්පායෝ ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් CID යට නියෝග

Mohamed Dilsad

Leave a Comment