දේශීය

කාලගුණයෙන් රතු නිවේදනයක්

(UTV |කොළඹ) – ඉදිරි පැය 48 සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ දිවයිනට ගිණිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කාලාපය ඉදිරි පැය 24 තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධන විය හැකි බවටයි.

මේ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් එය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 වන දින දිවයිනේ ඊශානදිග වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟාවෙනු ඇති බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නැගෙනහිර, උතුරුසහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මි.(60-70) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පැ.කි.මි.(40-50) පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැක.

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැකි බැවින්මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙයි.

පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු වියහැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවිය යුතු බව කාලගුණ අංශය දැනුම් දෙයි.

Related posts

උතුරු මැද පළාත් හිටපු මහ ඇමතිවරයෙක් ට සහ පුද්ගලික ලේකම්වරියකට වසර 16 සිර දඬුවම්

Editor O

බස්නාහිර පළාතෙන් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කරයි

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එම අංශයේ සේවකයන්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment