දේශීය

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කොවිඩ් මර්ධනයට

(UTV |කොළඹ) – කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කැඳවීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කලාය.

ඒ විපක්ෂයෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උසස්වීමක් ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ බව අමාත්‍යවරිය පවසා සිටියාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් වුයේ සිය කැමැත්තෙන් බවද අමාත්‍යවරිය පාර්ලිමේන්තුවට පැවසීය.

නමුත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත්වීමට පෙර පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය කළ ඉල්ලීමකට අනුව තමන් ඉල්ලා අස් වූ බවයි.

Related posts

ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක් මත් කුඩු සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

රතන හිමිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor O

ජල විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළට

Mohamed Dilsad

Leave a Comment