දේශීය

කොරෝනා නිසා මරණ ලියාපදිංචියේදී සැලකියයුතු කරුණු

(UTV |කොළඹ) – රට තුළ කොරෝන වෛරසය ව්‍යාප්තවීමේ  අවදානම් පහව යනතුරු නිවසකදී සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

මේ අනුව පුද්ගලයෙකු මියගිය අවස්ථාවකදී එය කොරෝනා වෛරසය ආසාදනය වී සිදු නොවූවක් බව තහවුරු කරගත යුතුය.

ඒ අනුව ග්‍රාම නිලධාරීවරයා විසින් මරණ වාර්තාවක් ලබාදීමේදී අදාළ මරණය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු නොවූවක් බවට තහවුරු වී තිබිම අනිවාර්ය වේ.

නිවසක සිදුවන මරණයකදී ග්‍රාම නිලධාරී වාර්තාව හෝ වෛද්‍ය වාර්තාවට අමතරව PCR පරීක්ෂණ වාර්තාවක්ද සියලු උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන් විසින් ලබාගත යුතු බව මරණයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පවසයි.

Related posts

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව කඳවුරෙන් පිටවෙයි [UPDATE]

Mohamed Dilsad

කටුනායක ප්‍රභූ පර්යන්තයේ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment