දේශීය

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන 270 ඉක්මවයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ රැඳවියන් 278 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවය.

ඒ අතරින් 107 දෙනෙකු කාන්තා රැඳවියන් වේ.

එමෙන්ම මේ වනවිට බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.

ඊයේ (13) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර පොලිස් නිලධාරින් 17 දෙනෙකු ද වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

අද රාත්‍රීයේ සිට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

අගමැති හරිනි මැතිවරණ නීතිය උල්ලංඝනය කරලා..? – සමගි ජනබලවේගය සහ පැෆරල් සංවිධානයෙන් කොමිෂමට පැමිණිලි

Editor O

ඉදිරි දිනවල තද සුළං සහ වැසි : කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment