දේශීය

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගණන 270 ඉක්මවයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ රැඳවියන් 278 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති බවය.

ඒ අතරින් 107 දෙනෙකු කාන්තා රැඳවියන් වේ.

එමෙන්ම මේ වනවිට බන්ධනාගාර නිලධාරින් 07 දෙනෙකුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.

ඊයේ (13) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර පොලිස් නිලධාරින් 17 දෙනෙකු ද වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් යුධ හමුදාපතිගේ ප්‍රකාශය

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

Editor O

ඇමති නලින්ද ජයතිස්සගේ උද්දච්ච ප්‍රකාශය, සමගි ජනබලවේගය හෙළා දකි

Editor O

Leave a Comment