දේශීය

මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු යළි ඇරඹේ

(UTV |කොළඹ) – පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මුළුමනින්ම අත්හිටුවා දමා තිබූ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරී කටයුතු අද සිට යළි අරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

පසුගිය 5 වන දා එම කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ එහි කාර්ය මණ්ඩලයේ 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

ඒ අනුව ඊයේ මධ්‍යම තැපැල් හුවමාරුව විෂබීජහරණයට ලක් කර තිබේ.

ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවාව ඇතුළු සීමිත රාජකාරී කිහිපයක් සඳහා පමණක් එය විවෘත කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එසේම ලියාපදිංචි ලිපි අංශයේ තේරීම් කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිත අතර, කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශයේ රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදා දීමේ කටයුතු අනිද්දා සිට ආරම්භ කෙරේ.

Related posts

වැව්වල සීමා සලකුණු කිරීමට උත්සවයක්

Editor O

රාගම රෝහලෙන් පැන ගිය මහර රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයි

Mohamed Dilsad

Leave a Comment