දේශීය

පානදුර වෙරළට තල්මසුන් ගොඩ ගැසීමට හේතුව සොයාගනී

(UTV | කළුතර) – පානදුර වෙරළට තල්මසුන් විශාල සංඛ්‍යාවක් ගොඩ ගැසීමට හේතුව සාගර ජලයේ ශබ්ද දූෂණය බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර මහතා සදහන් කළේ සාගර ජලය දූෂණය මෙන්ම ශබ්ද දූෂණය හේතුවෙන් සංවේදි ජලජ ජීවින්ට පීඩාවන බවයි.

පානදුර වෙරළ තීරය වෙත පෙරේදා (02) දිනයේ දී තල්මසුන් 100 ක පමණ සංඛ්‍යාවක් ගොඩට ගැසීය.

මෙම තල්මසුන් නිරුපද්‍රිතව නැවතත් ගැඹුරු මුහුද වෙත රැගෙන යැම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව,වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදා ජීවිතාරක්‍ෂක නිලධාරීන්, පොලිස් ජීවිතාරක්‍ෂක කණ්ඩායම්, ස්වේච්ඡා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

මෙම ගොඩගැසීමේදී වාතයට නිරාවරණය වූ මසුන් 4 ක් මියගොස් තිබුණි.

 

 

Related posts

කොරෝනා එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට

Mohamed Dilsad

සේවකයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් පෙර පරිදිම ලංගම බස්රථ

Mohamed Dilsad

වනජීවී නිලධාරිනිය පිළිබඳව රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment