දේශීය

කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ කිලිනොච්චියටත් කොරෝනා ව්‍යාප්ත වෙයි

(UTV | කිලිනොච්චිය ) – කොවිඩ් 19 වෛරස ආසාදිතයෙකු මේ වන තෙක් වාර්තා නොවූ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් අද (03) එක් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරයි.

කිලිනොච්චිය, කණ්ඩාවේලෙයි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත.

කොළඹ පිහිටි හෝටලයක සේවකයෙකු වන එම පුද්ගලයා පසුගිය 28 වනදා සිය නිවස පිහිටි කිලිනොච්චිය ප්‍රදේශයට ගොස් තිබේ.

ඒ අනුව ඔහු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති අතර ඊයේ දිනයේ දී ඔහුට PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර , එහිදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

එම ආසාදිතයා යාපනය, මරදන්කර්නි හි පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

 

Related posts

මැතිවරණ කොමිසමෙන් කථානායකට ලිපියක්

Mohamed Dilsad

උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

Mohamed Dilsad

විදුලි බිල වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂම ගත් තීරණය, විපක්ෂ නායකගේ ඇගයීමට

Editor O

Leave a Comment