ක්‍රීඩා

LPL තරගාවලිය පැවැත්වීමට IPG සූදානම්

(UTV | ඩුබායි) – ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය සේවා අංශයන් මගින් කෝවිඩ් 19 වෛරසය වැළැක්වීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ගයන් පිළිපදිමින් එම නියාමනයන්ට අනුකූලව අනුමැතිය ලද විට, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඕනෑම අවස්ථාවක පැවැත්වීමට තමන් සූදානම් බව මෙම තරගාවලිය සංවිධානය කරන ඩුබායි මූලස්ථානය කරගත් IPG ආයතනය නිවේදනය කරයි.

මේ වන විට ක්‍රීඩකයින්, කණ්ඩායම් හිමිකාරීත්වයන් සහ තරග විකාශන සමාගම් ආදිය තීරණය කර ඇති අතර මීට අදාළ ක්‍රමවේදයන්ගේ අනුමැතිය සහිතව ඉදිරියේදී මෙම තොරතුරු මාධ්‍ය වෙත දැනුම් දීමට සූදානම් බව ඔවුන් සඳහන් කරයි.

තරගාවලියට අදාල ඇතැම් නිවේදන මාධ්‍ය වෙත ලබාදීමේ ප්‍රමාදයක් ඇතිව තිබෙන්නේ කෝවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් බැංකු, ඇතුලු රජයට සම්බන්ද ආයතන බොහොමයක කටයුතු සීමාවන් තුළ සිදු වීම නිසා බැව් වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුමැතිය සහිතව ඉතා ඉක්මනින් මාධ්‍ය වෙත දැනුම් දෙන බව IPG ආයතනය අවධාරණය කරයි.

 

Related posts

විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි..

Mohamed Dilsad

ජයග්‍රහණයෙන් පසු කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

Mohamed Dilsad

ඉන්දීය 19න පහළ කණ්ඩායම ලකුණු 229ක් ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment