ක්‍රීඩා

LPL තරගාවලිය පැවැත්වීමට IPG සූදානම්

(UTV | ඩුබායි) – ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය සේවා අංශයන් මගින් කෝවිඩ් 19 වෛරසය වැළැක්වීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ගයන් පිළිපදිමින් එම නියාමනයන්ට අනුකූලව අනුමැතිය ලද විට, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඕනෑම අවස්ථාවක පැවැත්වීමට තමන් සූදානම් බව මෙම තරගාවලිය සංවිධානය කරන ඩුබායි මූලස්ථානය කරගත් IPG ආයතනය නිවේදනය කරයි.

මේ වන විට ක්‍රීඩකයින්, කණ්ඩායම් හිමිකාරීත්වයන් සහ තරග විකාශන සමාගම් ආදිය තීරණය කර ඇති අතර මීට අදාළ ක්‍රමවේදයන්ගේ අනුමැතිය සහිතව ඉදිරියේදී මෙම තොරතුරු මාධ්‍ය වෙත දැනුම් දීමට සූදානම් බව ඔවුන් සඳහන් කරයි.

තරගාවලියට අදාල ඇතැම් නිවේදන මාධ්‍ය වෙත ලබාදීමේ ප්‍රමාදයක් ඇතිව තිබෙන්නේ කෝවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් බැංකු, ඇතුලු රජයට සම්බන්ද ආයතන බොහොමයක කටයුතු සීමාවන් තුළ සිදු වීම නිසා බැව් වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුමැතිය සහිතව ඉතා ඉක්මනින් මාධ්‍ය වෙත දැනුම් දෙන බව IPG ආයතනය අවධාරණය කරයි.

 

Related posts

විස්සයි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

Mohamed Dilsad

පන්දු යවන්නන්ගේ පුහුණුවීම් සඳහා ක්‍රිකට් කවුන්සිලයෙන් නිර්දේශ මාලාවක්

Mohamed Dilsad

ද. අප්‍රිකාව – ශ්‍රී ලංකාව : තීරණාත්මක දෙවන තරගය අදයි

Mohamed Dilsad

Leave a Comment